මං ගැන

මං ගැන

මං ලියන දේවල් ගැන මීට ඉස්සර වතාවක ප්‍රශ්න කරල තිබුණ නිසා තමයි මේ පිටුව පළ කරන්නෙ. මේ පම්පෝරියක් නෙමෙයි. මං මගේ විෂය ක්ෂේත්‍රයට අදාළ දෙයක් ලියන අවස්ථා වල කාට හරි මේ ලියන කෙනාගෙ සුදුසුකම් ගැන දැනගන්න අවශ්‍ය නම් මේ පිටුව කියවන්න පුලුවන්.

මං ගැන කියනවනං මගෙ නම ප්‍රදීප් ගුණරත්න. වෘත්තියෙන්, වෘත්තීය චිකිත්සකවරයෙක් (Occupational Therapist). වෘත්තීය චිකිත්සකවරයෙක් වශයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. දැනට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව තමයි සේවය කරන්නෙ. ඒ වගේම මනෝවිද්‍යා උපදේශකවරයෙක් (Psychological Counselor) කෙනෙක් විදියට කටයුතු කරනවා. ඒ ඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ (IHRA) උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගෙන තිබෙනවා. 

ඊට අමතරව මනෝ සමාජීය ආබාධ වලින් පෙළෙන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර සංවිධාන එක්ක එකතු වෙලා වැඩ කරනවා. මං ගැන කියන්න තියෙන්නෙ එච්චරයි. වැඩි විස්තර අවශ්‍ය නම් ඊ මේල් එකක් එව්වොත් දෙන්න පුලුවන්. ඊ මේල් එක gpcguna2@gmail.com

0 comments :

Post a Comment

ඔබට හිතෙන හැටිත් ලියල යන්න.